19ට විදුරගේ ඡන්ද නෑ - 19ට ශ්‍රීලනිපය එකඟයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 26, 2015

19ට විදුරගේ ඡන්ද නෑ - 19ට ශ්‍රීලනිපය එකඟයි 

19ට විදුරගේ ඡන්ද නෑ - 19ට ශ්‍රීලනිපය එකඟයි 
19 වැනි සංශෝධනය තමා නොදැක ඇති බවත් ඒනිසා ඊට ඡන්දෙ නොදෙන බවත් ශ්‍රීලනිප කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (25) බණ්ඩාරගම නව ශ්‍රීලනිප සංවිධායක නිමල් චන්ද්‍රරත්න මහතා පිළිගැනීමේ උත්සවයේදී ය. 

“19 වැනි සංශෝධනය මම දැකලත් නැහැ. එක්සත් ජාතික පක්ෂය හදන්නෙ නංග පෙන්වා අක්කා දෙන්නයි. ඒ කුමන්ත්‍රණවලට මම අහුවෙන්නේ නෑ. ඒ පනතේ සැඟවුණු උගුල් තියෙනවා. ඒකට මම ඡන්දෙ දෙන්නෙත් නෑ“ යැයි මන්ත්‍රීවරයා පැවසී ය.

කෙසේ වෙතත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 වැනි දා පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.  

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාව වෙත පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad