ෆේස්බුක් වලින් මඩ ගැහුවොත් වෙන දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

ෆේස්බුක් වලින් මඩ ගැහුවොත් වෙන දේ

පසුගිය ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ අරමුණින් ෆේස්බුක් ගිණුමක් මෙහෙයවූ දිසානායක මුදියන් සේලා ගේ සුජිත් නිලන්ත නම් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) චෝදනා දෙකක් යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරුවා.

අසභ්‍ය වචන ෆේස්බුක් ගිණුම් වලට යොමුකරමින්  කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවකගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම, එම කාන්තාවගේ ඡායාරූප ඇයගේ කැමැත්තකින් තොරව
සන්තකයේ තබා ගැනීම, අදාළ කාන්තාවට මානසික පීඩනයක් ඇතිවන අයුරින් අසභ්‍ය ලිඛිත කරුණු පළකිරීම හේතුවෙන් 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ සංශෝධන පනතේ 1997 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පරිච්ඡේදයේ 136 (1) ආ වගන්තිය පරිදි දඬුවම් ලැබිය යුතු වරදක් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා. 

සැකකරු පසුගිය 27 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට පැමිණවීමෙන් පසුව ලබන 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊයේ (30) මෙම චෝදනා පත්‍රය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර නඩුව ලබන 01 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

No comments:

Post a Comment

Post Bottom Ad