නිමල් සිරිපාල අගමැති කරන්න මහින්ද උදවු කල යුතුයි.. මහින්ද නැතිව දිනන්න බෑ කියන්නේ බොරු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

නිමල් සිරිපාල අගමැති කරන්න මහින්ද උදවු කල යුතුයි.. මහින්ද නැතිව දිනන්න බෑ කියන්නේ බොරු..

මීළඟ මැතිවරණයේදී විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කරවා ශ‍්‍රිලනිපය දිනවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහාය දිය යුතු බව වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ‍්‍රිලනිප මූලස්ථානයේදී පැවති එම පක්‍ෂ තරුණ හමුවකදී ඔහු කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා කරන ලෙස යෝජනාවක් හෝ කිරීමට අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් බවයි.

ශ්‍රීලනිපය ඇතුළු සන්ධානය පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමටත්, තුනෙන් දෙකේ බලය අහිමි වීමටත්, පළාත් සභාවල බලය අහිමි වීමටත්, පළාත් පාලන ආයතනවල සන්ධානයේ බලය අහිමි වීමටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වගකිවයුතු බවත් පවසන ඇමතිවරයා ශ‍්‍රීලනිපය කිසිම මැතිවරණයකදී අගමැති අපේක්‍ෂකයෙක් නම් කරමින් තරග නොවැදුණු බවත්, තම මාමණ්ඩිය වූ දි.මු. ජයරත්න මහතා අගමැති වීමට ඇඳුම් පවා මසාගෙන සිටියද එවර ඔහුට අගමැති ධුරය ලබා නොදී රත්නසිරි වික්‍රමනායක මහතාට එම ධුරය ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළ බවද පෙන්වා දුන්නේය.

‘එන ඡන්දෙදි පැරැදුණු කෙනෙක්ව මාර්කට් කරන්නේ කොහොමද. මහින්ද රාජපක්‍ෂ මහත්තයා නැතිව ඉස්සරහට යන්න බැහැ කියන කතාව බොරු. කාටවත් මැරෙනකම් ජනාධිපතිකම් කරන්න බැහැ. දෙපාරක් කරපුවාම ගෙදර යන්න ඕන. 

ඒක අපේ මෛත්‍රිපාල ජනාධිපතිතුමාටත් පොදුයි. මීළඟ ඡන්දෙදි ශ්‍රීලනිප ය ශක්තිමක් කරනවා කියලා මෛත්‍රිපාල ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙද්දීත් ඇයි මේ ප්‍රශ්න දාගන්නේ’ යයිද ඔහු එහිදී තවදුරටත් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad