රනිල්-අනුර දෙන්නා හරියටම සිංහලයන්දැයි බලන්න දෙන්නා දෙකට නැවිලා හෝ කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

රනිල්-අනුර දෙන්නා හරියටම සිංහලයන්දැයි බලන්න දෙන්නා දෙකට නැවිලා හෝ කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න

හරියටම සිංහලයන්දැයි බලන්න අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ජවිපෙ නායක අනුර දිසානායක දෙන්නා දෙකට නැවිලා හෝ කණ්ණාඩියක් ඉස්සරහට හෝ ගිහින් බලන්නැයි බොදු බල සේනා සවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේඥාණසාර හිමියෝ පවසති.

උන් වහන්සේ කොළඹදී මාධ්‍ය අමතමින් මෙසේද කියා සිටියහ.
‘රනිල් ඇතුළු යහපාලන නඩයට අපි කියන්නේ දේශපාලනය හසුරුවන්න කලින් අඩුම තරමේ උඩරට ගිවිසුමක්වත් කියවලා ඉගෙන ගනිල්ලා. අනුර කුමාර ඇතුළු රතු සහෝදරයෝ කෑගහන්නේ මේ ගිවිසුමවත් නොදැන කියලා අපි දන්නවා.

අපිද ජාතිවාදය ගැන කතා කරන්නේ උන්ද? උදයන් පත්තරයේ ජාතිවාදය පේන්නේ නැහැ.ප‍්‍රජාතන්ත‍්‍රවාදය,එකමුතුකම වගේ ලස්සන වදන් දාලා කරන වැඩපිළිවෙළේ හරිහමන් ශක්තියක් නැහැ කියලා අපි දන්නවා. 

බුදු සරණයි කියලා ලොරියේ ඉස්සරහ ගහගෙන හොර හරක් පටවගෙන යනවා වගේ මේ ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුව කරන සමහර දේවල් නිසා එල්.ටී.ටී.ඊ කණ්ඩායම් නැගිටලා මේ රටේ ආයේ ලේ වැගිරීම් වෙයිදෝ කියලා සැකයක් තියෙනවා.

මේ රටට අද ඒ පීඩනය ඇතිවෙලා. මේ වැඩපිළිවෙළ නිසා අවඥාවට ලක්වෙන්නේ සිංහල ජනතාව. දැන් උඩරට ගිවිසුම ළග තියාගන්නේ පරිස්සමෙන්. මොකද යහපාලන ආණ්ඩුව අල්ලලා හිරේ දායි. හෙළ උරුමයේ නායකයන් දැන්වත් නැගෙනහිර සිංහලයන්ගේ ඉඩම් ඉල්ලලා දෙන්න.

ජනාධිපති,අගමැති යාපනේ යනකොට බලන්න පහළ මන්නාරම් පැත්තේ අති උතුම් බදියුදීන් ඇමැති කරලා තියෙන විනාසේ.
රනිල්-අනුර දෙන්නාම දෙකට නැවිලා හරි කණ්ණාඩියක් ළගට ගිහින් හරි බලන්න සිංහලද කියලා හරියටම. මේ රටේ සිංහලයෝ ගැන කතා කරන්න එක නරියෙක් නැහැ’

– මව්බිම

No comments:

Post a Comment

Post Bottom Ad