නුවර රැළියට උදවු කරන ශ‍්‍රීලනිප මහ ලේකම්ට ස්තුතියි.. නාවික හමුදාවේ මහා පාවාදීමක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 5, 2015

නුවර රැළියට උදවු කරන ශ‍්‍රීලනිප මහ ලේකම්ට ස්තුතියි.. නාවික හමුදාවේ මහා පාවාදීමක්..

හෙට මහනුවර පැවැත්වෙන ජනරැළිය සාර්ථක කර ගැනීමට උදවු උපකාර කරන අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතාට ස්තුති කරන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඔහු එහිදී මෙසේද සඳහන් කලේය.

නුගේගොඩ හතර දෙනාගේ කල්ලියේ තිබුනු මාධ්‍ය හමුවට මම නොසිටිය නිසා දැනටමත් කට කතාවක් පැතිරෙනවා හතර දෙනාගේ කල්ලිය කැඩි ගිහිල්ලාය කියලා. එහෙම නෙවෙයි අපි හතර දෙනාම ඊයේ පර්ලිමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවට වාඩි වෙන්නයි හිටියේ. 

ඒ අතරේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුලින්ම පොඩි තහන්චියක් අවා පාර්ලිමේන්නු මන්ත‍්‍රි නොවන අයට පාර්ලිමේන්තුව ඇතුලේ මාධ්‍ය හමු තියලා කථා කරන්න දෙන්න බැහැ කියලා. මෙතෙක් කල් එමෙහ ප‍්‍රශ්නයක් ඇති වෙලා තිබුනේ නැ. 

ප‍්‍රථම වතාවට එහෙම ප‍්‍රශ්නයක් ඇති වුන නිසා තමයි මම එම මාධ්‍ය හමුවට වාඩි වුනේ නැත්තේ. එකත් සමහර විට යහ පාලනය වෙන්න ඇති. කොහොම නමුත් අපි ඉතාම සමගියෙන්, ඉතාම කර්යක්ෂමව යෝධ ජන රුල්ලක් හදමින් අපේ කර්්‍යය ඉදිරියට ගෙන යනවා.

මේ අතරේ මහනුවර රැුලිය අපි ප‍්‍රකාශයට පත් කරා විතරයි මේ කඩාකප්පල් කිරිමට තිබුනු උත්සහයන් නිසා තමයි මේ රැුලිය අවසාන මොහොත වනතුරු ප‍්‍රසිද්ද නොකලේ. 

අපි මේ රැුලිය ප‍්‍රසිද්ද කලා විතරයි ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් තුමා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නොවන රැුස්විම් වලට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයින්ට සහභාගි වීම තහනම් කරලා තියෙනවා. 

පසුගිය ජනවාරි මාසයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් අත්තනගල්ලේ දී පැවැත්වුනා සන්ධානය පරජයට පත්කරිමය කටයුතු කළ අයට උපහාර පිදිමේ උත්සවයක්. ඒ උත්සවයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ති‍්‍රවරු සහභාගි වුනා. 

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය පරාද කළ අයට උපහාර පුදන උත්සවයට  ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්ති‍්‍රවරු සම්බන්ද වුනා. හැබැයි ඒ අවස්ථාවේ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම්තුමා අපේ මිත‍්‍රයා එවැනි රුස්වීම් වලට සහභාගි වීම තහනම් කලේ නැ. 

දැන් ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතුළු සංධානය දින වන මග කියන අපේ මහනුවර රුස්වීම එන විට මේ තහනම ඉදිරියට එනවා. ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂිකයාට සැකයක් ඇති වෙන්න පුළුවන් දෙයියනේ අපේ පක්ෂයේ නායකයන් පක්ෂය දිනනවාට කැමත් නැද්ද කියලා. 

මොකද මෙහෙම දේවල් කලින් වෙලා තියෙනවා. මේ අවුරුද්ද හරි නපුරුයිනේ. අපි ඉන්නේ 2015 මිට අවුරුදු 200කට කලින් අපේ රටේ නායකයෝ හිටියෙත් ඔහෝම තමයි. අපේ රටේ නායකයෝ ඉංගි‍්‍රසින් එක්ක එකතු වෙලා ඉංගි‍්‍රසින් අපේ රටට විරුද්දව කරන වැඩ වලට සම්බන්ද වෙනවා. 

දේශ පේ‍්‍රමින් අපේ රට රැුක ගන්න කරන වැඩ වලට විරුද්ද වෙනවා. ඉතින් මේ නරක අවුරුද්දේ පරන පුරුද්දක්  ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට ඇති වෙලාදෝ කියලා සැකයක් ඇතිවෙනවා. හැබැයි අපිට මේ රුස්විම් වලට අකුල් හෙලන්න වෙර දරන හැමෝටම කරන්න තියෙන එකම එක දැනුම් දිම තමයි මහින්ද සුළි සුලග නවත්වන්න මකුළු දැල් බැන්දාට පුළුවන් වෙන්නේ නැ. 

මකුළු දැලින් මහින්ද වාසුලිය නතර කරන් බැ කියන පණිවුඩය අපිට එරෙහිව කටයුතු කරන බලවේග වලය සිහිපත් කරනවා. හැබැයි මට හිතෙන්නේ අනුර යාපා ඇමතිතුමා හදවතින් කැමතියි මේ වැඩෙට. එතුමා අපිට සහයක් දෙන්න මේ වැඬේ කරදෝ කියලත් මට හිතෙනවා. එතුමා හොද ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ පක්ෂිකයෙක්. 

එතුමා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය දිනනවා දකින්න කැමතිල කෙනෙක්. ලබන පර්ලිමේන්තු මැතිවරනයෙන් පස්සේ ඇමති දුරයක් දරන්න පුළුවන් කෙනෙක්. එතුමා අපිට පොඩි සහයක් දුන්නා කියලා හිතේනවා. මොකද පහුගිය නුගේගොඩ රුලියේ සර්ථකත්වයට තිරනාත්මකව බපලැවා අසාත් සාලිගේ අසාද්‍ය ප‍්‍රකාශය. 

නුගේගොඩට අසාත් සාල යම් සේද මහනුවරට අනුර යාපා ඇමතිතුමා එසේ වේවි කියලා අපිට හිතෙනවා. එතුමගේ මේ ප‍්‍රකාශයේම මහනුවර රුළියට ජන ගගක් ගලන්නට නිල් පාටින් සැරසුනු ශි‍්‍ර ලංකා නිදහස් පක්පාක්ෂිකයන් තොග ගනනින් පැමිනෙන්නට හේතුවන් වේවී කියලා අපි බලාපොරොත්තු වෙනවා. 

ඉතින් හොරෙන් හොරෙන් හරි අපේ රැුළිය සාර්ථක කර ගන්න එවැන් ප‍්‍රකාශයක් නිකුත් කරලා අපිට උදව් කරපු එකට අනුර යාපා ඇමතිතුමා බොහෝම පිං කියලා මගේ ප‍්‍රණාමය පුද කරනවා.

ඊළගට අපේ අවදාවය යොමු විය යුතු දෙයක් මේ දවස් වල වෙනවා. ඒ තමයි මිලේනියම් සිට් මහා පවා දීමේ දෙවන ජවනිකාව සුදානම් වෙලා තියෙනවා. අපේ නාවික හමුදාවේ බුද්ධි අංශයට දැවැන්ත දායකත්වයක් දුන්නු කපිතාන් ඩි.කේ.පී දසනායක රණවිරුවා පහුගිය දින වල රහස් පොලිස්යෙන් ගෙන ගියා. 

අද මේ අණ්ඩුවේ සමහර නායකයින් අපේ තවත් රණවිරුවෙක් වෙන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මැතිතුමත් එක්ක පුද්ගලික කෝන්තර තියෙනවා. එම පුද්ගලික කෝන්තර විසදීමට රාජ්‍ය බලය යෙදවීමෙන් වෙන්නෙ රට බේරාගත් රණවිරුවන් දංගෙඩියට යාමයි. 

ඒ නිසා පුද්ගලික කෝන්තර පිරිමැසීමේ රහස් පොලිස් විමර්ශණ වහාම නවත්තල රණ විරුවන් බිලි දීමේ මේ අසික්කිත වැඩය නතර කරන්න. ඔබ අද නිදහසේ හුස්ම ගන්නේ මැතිවරණ තබා ජයග‍්‍රහනය කරන්නේ රණවිරුවන්ගේ කැපකිරීම මත බව සිතේ තබාගන්නා ලෙස අප මේ ආන්ඩුවේ බලවත් අයට කියනවා. 

ඒ වගේම අපි මේ ආණ්ඩුවට අනතුරු අගවනවා 2001 ආන්ඩුව හදිසියේ කඩා වැටෙන්නට හේතුවක් ලෙස මිලේණියම් සිටි මහා පාවාදීම දක්වන්න පුලූවන්. සිංහල කියමනක් තියෙනවා රැ වැටුන වලේ දවල් වැටෙන්න එපා කියල. ඒ නිසා රණවිරුවන් පාවා දෙන්න එපා කියල අපි අලූත් ආණ්ඩුවට මතක්කර සිටිනවා.

ඒ වගේම අද යහ පාලන ආණ්ඩුව යටතේ ශී‍්‍ර ලංගම දැවැන්ත අර්බුදයකට මුහුනපා සිටිනවා. අද එය අධ්‍යක්ෂක මණ්ඩලයක් ප‍්‍රධාන විධායක නිලධාරියෙක් නැති තැනක් බවට පත්වී තියෙනවා. නීත්‍යාණුකූල නොවන අන්දමින් පත්කර තිබෙන විධායක නිලධාරියා ඉතිහාසයේ නොවූ විරූ අන්දමින් මහා දැවැන්ත වියසනයකට මේ ආයතනය පත්කර තිබෙනවා. 

අද එම ආයතනවල උපාධිධාරීන් එළවා දමමින් අට සමත් අය පත්කරමින් සිටිනවා. මේ අට පාස් අයගේ එකම සුදුසුකම තමයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කාර්ය මන්ඩල වල පියුං තනතුර දැරීම. පාට කොළ උනාම පියුං තනතුර දරපු අයටත් ප‍්‍රාදේශීය කළමණාකරු තනතුර දරන්න පුලූවන්. 

එදා පියුං, සර් කියපු අය අද පියුංට, සර් කියන තත්වයක් උදා වෙළා තියෙන්නේ. මේ නිසා යහපාළණය කියන වචනයේ තේරුම ශබ්ද කෝශ පීරමින් යලි යලිත් සොයන්නට බල කෙරෙන යහ පාළන භීෂණ යුගයක් අද මුලූ රටම වෙළාගෙන තියෙනවා.

අරවින්ද අතුකෝරල

No comments:

Post a Comment

Post Bottom Ad