තරුණ තරුණියන්ට රී-ලෝඞ් දාන්න, විවාහ වෙන්න සල්ලි නෑ.. ඒකට සහන දෙන්න ඕනෑ.. උතුරටත් බලතල දෙන්න ඕනෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 26, 2015

තරුණ තරුණියන්ට රී-ලෝඞ් දාන්න, විවාහ වෙන්න සල්ලි නෑ.. ඒකට සහන දෙන්න ඕනෑ.. උතුරටත් බලතල දෙන්න ඕනෑ

දැන් ඉන්න තරැණ තරැණියන්ට රීලෝඞ් එකක් දාගන්නවත් කසාද බදින්නවත් අතේ සල්ලි නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දෙනියායේදී කීය.

ගැටබරු විහාරස්ථානයේ ආගමික වතාවන්වලට සහභාගී වී පසු මොරවකදී පැවැති ජන හමුවක් අමතමින් අගමැතිවරයා මෙසේද කීය.
‘13 වැනි සංශෝධනය තුළින් ජනවාර්ගික ප‍්‍රශ්නය විසදන්න අපි ඔක්කොම පක්ෂ එකග වෙලා තිබෙනවා. 

ඒ නිසා අපි මේ පිළිබදව සාකච්ඡ කරගෙන යනවා. ඉන්දියාවත් කියනවා 13න් එහාට යන්න එපා කියලා. ඒක පිළිගන්න දෙමළ කණ්ඩායමත් ලෑස්තියි. උතුරේ පළාත් සභාවට අනිත් පළාත් සභාවලට වගේ එකම බලතල තියෙන්න  ඕන. එකට වැඩ කරන්න පුළුවන් වෙන්න  ඕන. නොබිදුණු ශ‍්‍රී ලංකාවක් තුළ අපි වැඩ කරන්න  ඕන.

අලූත් ශ‍්‍රී ලංකාවක් බිහිකරන්න  ඕන. ඒ තරුණ තරුණියන්ට අනාගතයක් තියෙන්න  ඕන. අපේ තරුණ කාලේ හොදට ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. දැන් තරුණ තරුණියන්ට රීලෝඞ් එකක් දාගන්නත් සල්ලි නෑ. ගෙයක් හදාගන්න බෑ. විවාහ වෙන්න සල්ලි නෑ. ඒවා නැති කරලා හිතට සහනයක් දෙන්න  ඕන’

No comments:

Post a Comment

Post Bottom Ad