නීතිපති තියාගෙන කුමන්ත‍්‍රණ කරනවාද? උතුරෙ ප‍්‍රතිඵල එනකොට දන්වා අපි පරාදයි කියලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 26, 2015

නීතිපති තියාගෙන කුමන්ත‍්‍රණ කරනවාද? උතුරෙ ප‍්‍රතිඵල එනකොට දන්වා අපි පරාදයි කියලා..

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙමන් තිබියදී කුමන්ත‍්‍රණයක් කලා නම් එතැනට නීතිපති ගෙන එන්නේ කුමකටදැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

‘ඡන්දෙ දවසේ රැ කුමන්ත‍්‍රණයක් කළා කියලා කියවෙනවනෙ. ඉතිං කුමන්ත‍්‍රණයක් තිබුණා නම් කුමන්ත‍්‍රණයක් වෙන්න එපැයි. හිටපු ජනාධිපතිතුමා අවසන් ප‍්‍රතිඵලය නිවේදනය කරන්න කලින්ම පාලනය භාරදීලා ගෙදර ගියා. 

එතුමා ඔය කවුරු කවුරුත් එක්ක විවෘත ශාලාවක කතා කර කර හිටියෙ. ඒක සාමාන්‍ය දෙයක්. කුමන්ත‍්‍රණය කරනව නම් නීතිපතිතුමාව එතැනට ගේනවද. එතැන ගොඩක් අය හිටියා. 

මාධ්‍යවේදීන් හිටියා, ඒත් උතුරේ ප‍්‍රතිඵල එනකොට හිටපු ජනාධිපතිතුමා තේරුම් ගත්තා පරාදයි කියලා’ යයිද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad