අපට හෘද සාක්‍ෂියක් තියෙනවා.. මියගිය අප්පච්චිගේ මිණිය විසිකරන කතාවට මං එකඟ නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 26, 2015

අපට හෘද සාක්‍ෂියක් තියෙනවා.. මියගිය අප්පච්චිගේ මිණිය විසිකරන කතාවට මං එකඟ නෑ..

මියගිය අප්පච්චිගේ මිණිය ගෙදර තබා නොගන්නා කතාවට තමන් එකග නැතැයි ශ‍්‍රීලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.

‘අප්පච්චි මළාම මිනිය ගෙදර තියා ගන්නෙ නෑ කියලා කියපු හිටපු ඇමැතිවරුත් ඉන්නවා. මම නම් ඒ කතාවට එකග නෑ. අපිට හෘද සාක්ෂියක් තියෙනවා. අපි ඒ හෘද සාක්ෂියට අනුව වැඩකරන්න  ඕනෑ.

මම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකවරු තුන් දෙනෙක් එක්ක වැඩකරල තියෙනවා. මේ ඉන්නෙ හතරවැනි නායකයා. අපි ඒ පක්ෂයේ සාමාජිකයන් නිලධාරීන් හැටියට මේ නායකයන්ට භක්තියෙන් වැඩ කළා. 

ප‍්‍රතිපත්තිමය වශයෙන් ගැටුණු අවස්ථා තිබුණා. ඒ හැරෙන්න ඔවුන්ව විවේචනය කරන්න ගියේ නෑ. අපිට එහෙම කරන්න බෑ. මට නම් ඒක කරන්න කොහොමටත් බෑ’ යයිද ඔහු මාධ්‍ය අමතමින් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad