සිරිසේනගේ විවාදයට ජනපති යන්න හැදුවොත් අපි විරුද්ද වෙනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

සිරිසේනගේ විවාදයට ජනපති යන්න හැදුවොත් අපි විරුද්ද වෙනවා

තමන් හා විවාදයකට එන ලෙස පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා කර ඇති අභියෝගය ජනාධිපති මහින්ද රාජපක්‍ස මහතා විසින් බාරගත හොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලෙස ඊට විරුද්ධ වන බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අලහප්පෙරැම වහතා පවසන්නේ හිටපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ එම අභියෝගය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස තමා ප‍්‍රතික්ෂේප කරන බවයි.

සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගිය වංකභාවයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එකග නොවීම සහ මනාප ක‍්‍රමය වෙනස් කිරීම පිළිබද කමිටු වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිළිබද ආණ්ඩු පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීම තුළදී විරුද්ධ වූ ප‍්‍රබලයා එවකට සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කළ සිරිසේන අමාත්‍යවරයා වීම හේතුවෙන් එසේ විදරැද්ද වසන බවද ඔහු කීය.

No comments:

Post a Comment

Post Bottom Ad