රුසියාවට උදව් ඕනෑ නම් අපි ඉන්නවා – චීනය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

රුසියාවට උදව් ඕනෑ නම් අපි ඉන්නවා – චීනය

ආර්ථික අර්බුදයක මුහුණ පාමින් සිටින රුසියාවට උපකාර අවශ්‍ය වුවහොත් චීනය ඒ සඳහා සූදානම් බව චීන විදේශ අමාත්‍ය වෑන් යි පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ රුසියාවට පවතින ගැටළුකාරී තත්වය ඉක්මවීමට අවශ්‍ය හැකියාව සහ ඥානය ඇති බවයි.කෙසේවෙතත් රුසියාවට අවශ්‍ය වන්නේ නම් තමන්ගේ ප‍්‍රමාණයෙන් සහය ලබාදීමට චීනය ඉදිරිපත් වන බවද  ඔහු පවසා තිබේ.

පසුගිය සතියේදී එක් දිනක් තුළ රූබලයේ අගයෙන් 20%ක් කඩාවැටීම මගින් ඇති කළ ආර්ථික කම්පනයට රුසියාව තවමත් මුහුණදෙමින් සිටී.
ඊළග දිනයේදී එය වර්ධනය වුවත් මාර්තු මසට වඩා රුසියානු මුදල් ඒකකය සිය අගයෙන් 50%කට පමණ හැකිළි ගොස් තිබේ.

පසුගියදා පැවති වර්ෂාවසාන මාධ්‍ය සාකච්ඡවේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන ලද්දේ රුසියානු ආර්ථික කඩාවැටීමට තෙල් මිල පහළ යාම බලපා ඇති අතරම 25-30%ක් පමණ ප‍්‍රමාණයකට හේතුව වන්නේ බටහිර සම්බාධක බවයි.

කෙසේවෙතත් මෙම තත්වය දිගු කාලයක් නොපවතිනු ඇති බව රුසියානු ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.  මෙම තත්වයට මුහුණදීම සඳහා යුආන් මුදලින් ගණුදෙනු කිරීම වර්ධනය කළ යුතු බව චීන වාණිජ අමාත්‍ය ගා ඕ හුචෙං පවසා ඇත.

පසුගිය කාලය තුළම යුආන් ගණුදෙනු ඉහළ ගොස් තිබුණත් රුසියාවට පණවා ඇති සම්බාධක සමග එය වඩාත් තාර්කික වී ඇති බව ඔහුගේ අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad