වැන් සිල් ටෙස්ට් ක්‍රිකට් වාර්තා අතරට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 18, 2014

වැන් සිල් ටෙස්ට් ක්‍රිකට් වාර්තා අතරට

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල තරගයේදී ශතකයක් රැස්කළ ලොව සියවැනි ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වාර්තා අතරට එක්වීමට දකුණු අප්‍රිකාවේ ස්ටියාන් වැන් සිල් අද (18දා) සමත්විය.

සංචාරක කොදෙව් කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පන්දු 130 කදී ලකුණු 101 ක් රැස්කරමින් වැන් සිල් මෙම කඩයිම පසුකළේය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ සිවුවැනි පිතිකරුවා ඔහු වේ.

මෙම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද  (18දා) වූ අතර, පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 552/5 (පන්දුවාර 140.3) රැස්කර ඉනිම අත්හිටුවීය. හෂීම් අම්ලා (208) හා ඒ.බී. ඩිවිලියර්ස් (152) පන්දුවට පහරදීමෙන් දක්‍ෂතා දැක්වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad