හෙළ උරැමය හැර ගිය හේතු සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙෂ ජාතික හෙළ උරුමය එහි හිටපු නියෝජ්‍ය මහ ලේකම් බස්නාහිර පළාත් සබා මන්ත‍්‍රී උදය ගම්මන්පිලට අභියෝග කරයි.
මෙසේ සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙසේය.
උදය ගම්මන්පිල අවලස්සන කැත දේශපාලනයේ ගොදුරක් වුනා.
උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමය පක්‍ෂය අතහැරයාමෙන් පසුව ගත වූ කෙටි කාලය තුළ රාජ්‍ය මාධ්‍ය හා රජයට හිතවත් සමහර පෞද්ගලික මාධ්‍ය යෙදා ගනිමින් ඉතා විශාල අසතය්‍යයන් ප‍්‍රමාණයක් ප‍්‍රචාරය කරමින් තිබෙන බව පෙනී ගොස් තිබේ.
තනතුරු හා වරප‍්‍රසාද හමුවේ ප‍්‍රතිපත්ති හා තම හෘද සාක්‍ෂිය පාවා දුන් පුද්ගලයෙකුට පිළිතුරු දීමට කාලය වැය කිරීමට අනවශ්‍ය දෙයක් ලෙස පෙනී යා හැකි වුවත් ජාතික ව්‍යාපාරයේ සුප‍්‍රසිද්ධිය වෙනුවෙන් අකමැත්තෙන් වුවත් එය සිදුකළ යුතුව තිබේ.
ඔහු ප‍්‍රකාශ කරන ප‍්‍රධානතම මුසාව වශයෙන් ඔහුගේ ඉවත්වීමට හේතුව ප‍්‍රතිපත්තිමය කරුණක්ය යන්නයි. කොහොමටත් තනතුරු හා ධනලාභ වෙනුවෙන් ආණ්ඩුවට ගිය සෑම තනි පුද්ගලයෙක්ම එසේ කලින් කුමන හෝ බොරු ප‍්‍රතිපත්තිමය කරුණක් ඉදිරිපත් කරමින් බව මේ රටේ ජනතාව දනිති.
ඔහු ඉවත්වන තෙක් කිසිම දිනෙක උදය ගම්මන්පිල මහතා කිසිදු ප‍්‍රතිපත්තිමය ගැටඵවක් පක්‍ෂයේ කිසිදු සභාවකදී ඉදිරිපත් නොකළ බව නිශ්චිතවම පැවසිය හැකිය. ඔහු ආණ්ඩුවට යාමට පෙර දින රාති‍්‍රයේ එකොළහ වනතුරු ඔහු සිටියේ පක්‍ෂයේ නායකයන් සමග නමුත් එහිදීවත් ඔහු තමන්ගේ ඔය කියන ‘‘ප‍්‍රතිපත්තිමය ගැටඵව’’ හෝ තමන් ඊළග දිනයේ කරන්නට නියමිත දෙය ගැන කිසිවක්ම එළියට දුන්නේ නැත.
දෙවන අසත්‍යය වන්නේ ඔහු මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පක්ෂව කිසිවක්ම නොකළ බව පැවසීමයි. ඔහු ජාතික හෙළ උරුමයෙන් ඉවත්වූයේ 11වෙනිදා උදෑසන වන අතර 8 වෙනි සඳුදා රාති‍්‍රයේ දීත් ඔහු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ එක් කමිටුවක නායකත්වය ද දරමින් පැය ගණනාවක් තිස්සේ අන් අය සමග එක්ව ඊට ආදාළ සැළසුම් ද සකස් කළ බව එදා එහි සිටි තිහ හතලිහක පිරිස හොඳාකාරවම දනිති.
තම ආත්මයම පාවාදුන් මිනිසෙකුට කිව නොහැකි කළ නොහැකි බොරුවක් නැත. තුන්වන බොරුව නම් තම ඉවත්වීම තමන් විසින් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන්නේය යන්නයි. ඇත්තෙන්ම ඔහු ඉවත්වන දිනට පෙර දින දහවල් 12 ට පමණ ඔහු ප‍්‍රධාන ලේකම්වරයා වන චම්පික රණවක මහතා හමුවී දැනුම් දුන්නේ තමන් තරමක් නිහඩව සිටීමට අදහස් කරන බව පමණි.
එසේ නැතුව පක්‍ෂය පාවා දෙමින් ආණ්ඩුවට එක්වන බවක් ගම්මන්පිල මහතා කිසිසේත්ම සඳහන් කළේ නැත. සිව්වෙනුව, කිිසිවෙකුටවත් තමන් සමග ඒමට නොකී බවත් එහෙත් පක්‍ෂයේ සමහර සාමාජිකයන් තමන් සොයා පැමිණ තමන්ට කැමැත්තෙන්ම සහයෝගය දුන් බවත් පවසයි.
තමුත් ඇත්තම තත්ත්වය නම් පසුදින සිටම විශේෂයෙන්ම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ට දිනකට දුරකතන ඇමතුම් 20ක් 30ක් දෙමින් ඔවුන්ව ආණ්ඩුවට එක් කර ගන්නට ඔහු මෙහෙයුමක් දියත් කළේය යන්නයි. එහිදී ඔහු අවදාරණය කළේ ඊනීයා ප‍්‍රතිපත්ති නොව ප‍්‍රතිපාදන බවද වගකීමෙන් යුතුව පවසමු.
අවසානාවකට ආණ්ඩුවේ මේ දුෂිත මජර ක‍්‍රමයෙහි ගොදුරු බවට පත්ව සිටි කිහිප දෙනෙකු ආණ්ඩුව වෙත දක්කාගෙන යාමට ඔහු සමත්වී ඇත. කෙසේවෙතත් පක්‍ෂයේ නායකත්වය හොබවන අතිපූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන්වහන්සේව ද තම පාපී අරමුණට එක්කර ගැනීඹට ඔහු කොතෙකුත් උත්සාහ කළ ද උන්වහන්සේ ඔහු අඩුම තරමින් හමුවීමටවත් කැමැති නැති බව අප සිහිපත් කරනුයේ මහත් ගෞරවයනි.
පස්වනුව රටට සිදුවන්නට නියමිත කුමක්දෝ මහා විනාශයක් වළක්වන්නට අන් කිසිදු ක‍්‍රමයක් නොවු බැවින් තමන් අවසානයේ දී ආණ්ඩුවට එක් වූ බව ඔහු පවසයි. ඔහු ඔහුටම තිබුණයැයි දැන් කියන ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්නය කුමන අවස්ථාවක හෝ ඉදිරිපත් කළේ නම් ඕනෑම විටක ඔය කියන විනාශය පක්ෂයක් ලෙස සාමූහිකව නවතා ගැනීමට ඔහුට හැකියාව තිබිණී.
පක්‍ෂය හැරයන්නට පෙරදිනයේ දීත් චම්පික රණවක මහතා ඔහුට පැවසුවේ ගම්මන්පිල මහතාට කුමන හෝ ගැටඵවක් ඇත්නම් දැන් වූවද මැතිවරණයේ දී නිහඩව සිටීම වැනි කුමන හෝ කි‍්‍රයාමාර්ගයක් සාමූහිකව ගතහැකි බවයි.එහෙත් ඔහු ඊට කැමති නොවී ඒ අනුව ඔහුට අවශ්‍ය වූයේ පක්‍ෂයවත් රටවත් අඩුම තරමේ ජනාධිපතිවරණයාවත් බේරා ගැනීම නොව වෙනත් පෞද්ගලික අරමුණක් සාක්‍ෂාත් කර ගැනීමටය යන්න ඉතා පැහැදිලිය.
‘‘ඔහු දැන් ඉදිරිපත් කරන ප‍්‍රතිපත්තිමය ගැටඵව’’ ගැන පුවත්පත් නිවේදනයකින් පිළිතුරු දිය නොහැකි බැවින් ඒ සඳහා වූ විවෘත මහජන වේදිකාවේ සංවාදයකට ආරාධනා කරමු.
ප‍්‍රතිපත්තිමය ගැටඵව ඇත්තටම විසඳා ගැනීමට අවශ්‍ය නම් දැනට තමන් විසින් පාඵ ගෙයි වළං බිඳීමටත් විවිධ අසත්‍යයන් ගොබෙල්ස් න්‍යායන් හරහා තහවුරු කිරීමටත් භාවිතා කරමින් ඇති රාජ්‍ය මාධ්‍යයන් ඒ සඳහා යොදා ගැනීම ගැන අපගේ පිළිකුල හා අප‍්‍රසාදය පළකර සිටින අතර ගම්මන්පිල මහතාට මහජන වේදිකාවකට අප ආරාධනා කරමු
නිශාන්ත වර්ණසිංහ
මාධ්‍ය ලේකම්
ජාතික හෙළ උරුමය
Tuesday, December 23, 2014
ගම්මන්පිල හැදුවේ සෝභිත හිමිත් ආණ්ඩුවට ගන්නයි.. උන් වහන්සේ අහුවුනේ නෑ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment