අනාගතේ මළපහ වලින් බැටරි චාර්ජ් කරන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 26, 2014

අනාගතේ මළපහ වලින් බැටරි චාර්ජ් කරන්න

බ්‍රිතාන්‍ය ඊස්ට් ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මලපහ මඟින් ජංගම දුරකථන චාජ් කිරිමේ නවතම ක්‍රමවේදයක් සොයාගෙන ඇත. 

සත්ව හා මිනිස් මළපහ මඟින් දුරකථන චාර්ජ් කිරිමට හැකි බව පවසන මෙම පර්යේෂණ පිරිස පවසන්නේ මේ සදහා බොහෝ කලක් පර්යේෂණ සිදුකළ බවයි. 

මළපහවල ඇති නිර්වායු බැක්ටීරියා ශ්වසනය සඳහා ඔක්ෂිජන් භාවිතා නොකරන බැවින් ඒ හරහා ඉලෙක්ට්‍රෝනික ධාරාවක් නිපදවන බව ඔවුහු  පවසති. 

ඉදිරියේදි ලොවට බලශක්ති අර්බුදයකට මුහුණපෑමට සිදුවන බැවින් එයට පිළියමක් ලෙස මෙය වැඩිදියුණූ කළහැකි බවද පර්යේෂක පිරිස පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad