සහල් මිල පහළ බසී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 26, 2014

සහල් මිල පහළ බසී

ආනයනික සහල්වල මිල වහාම ක්‍රියාත්මක වන පරිදි අද (27) සිට අඩුකිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් හැටක්ද නාඩු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් පනස් පහකට  සහ රතු සහ සුදු කැකුළු කිලෝවක මිල රුපියල් පනහ දක්වාද අඩු කෙරෙන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

දේශීය ගොවියා ආරක්ෂා කරගනු පිනිස දේශීය සහල් පාලන මිල මේ අනුව අඩු නොකරන බවද අමාත්‍යාංශ ය කියයි. දේශීය සහල් සඟවා මිල වැඩිකිරීමේ කුමන්ත්‍රණයක් සිදුකිරීමට සැලසුම් කර තිබුණි. 

කිසිසේත් එවැනි කුමන්ත්‍රණයකට ඉඩ නොතබා ආනයනික සහල් මෙසේ අඩු මිලට ලබාදීමට පියවර ගත් බවද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad