හම්බන්තොට වරායේ ඉදිකෙරෙන නැංගුරම් පොළවල් හතරේ මෙහෙයුම් හිමිකම චීන රජය සතු සමාගම්වලට පවරා ඇතැයි වරාය අධිකාරියේ සභාපතිවරයා හෙළිදරව් කරයි.
සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් සමඟ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කොට ඇති වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසා ඇත්තේ එය 2010 වසර තරම් ඈත කාලයක දී චීනයට ලබා දීමට එකඟ වූ දෙයක් බවයි.
මෙහෙයුම් හිමිකම මෙසේ චීන රජයට පවරා දීමට හිලව්වීම සඳහා චීනයෙන් වරාය ඉදිකිරීම සඳහා ලැබෙන ණය වලට අදාල කොන්දේසි ලිහිල් කිරීමට එකඟ වී ඇතැයි වික්‍රම මහතා කියයි.
“අපි ණය ගන්නකොටම ඒ ගැන එකඟතාවයක් තිබුණා. ඒක ගොඩක් ලොකු ණයක්. චීන රජය එකඟවුණා ණය කොන්දේසිත් ලිහිල් කරන්න. මුදල් අමාත්‍යාංශය සමඟ ඒ ගැන දැන් සාකච්ඡා පැවැත්වෙනවා.”
හම්බන්තොට වරායේ හිමිකම, වරාය අධිකාරිය සතු වුවත් එහි මෙහෙයුම් කිරීමේ කොටස පමණක් චීනයට පවරා දී ඇති අතර ඒ හරහා ණය ආපසු ගෙවීම මත ඇතිවන පීඩනය අඩු වන බව වරාය අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් මේ කාරණය ගැන මෙතෙක් ජනතාව දැනුවත් නොකිරීම පිළිබඳව ඇසූ පැනයට වරාය අධිකාරියේ සභාපතිවරයා පවසා ඇත්තේ එය මීට පෙර ප්‍රසිද්ධ කළ ගිවිසුම් තුළ සඳහන්ව තිබූ බවයි.
– Vimasuma
Tuesday, October 21, 2014
හම්බන්තොට වරායේ මෙහෙයුම් චීනයට පැවරුවා – වරයා සභාපති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment