මුන්නේස්වරම් දේවාලයේ කපුවා පැහැරගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 3, 2014

මුන්නේස්වරම් දේවාලයේ කපුවා පැහැරගනී..

http://ift.tt/eA8V8J

කළු ඇඳුම් ඇඳගෙන මුහුණු වසාගත් නාදුනන පිරිසක් පැමිණ ආඬ්අම්බලම පුංචි මුන්නේස්වරම් දේවාලයේ ප‍්‍රධාන කපු මහතා පැහැරගෙන ගොස් ඇතැයි මීගමුව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මනෝජ් දුලාජන නැමැති ආඬ්අම්බලම අශෝකාරාම පාර පුංචි මුන්නේස්වරම් දේවාලයේ කපු මහතා මෙසේ පැහැරගෙන ගොස් ඇති අතර ඔහු දෙදරු පියෙකි.

දේවාලයේ වැඩ කටයුතු නිමා කර රාත‍්‍රී 12.30 ට පමණ සිය වාහනයෙන් දරු දෙදෙනා හා බිරිඳ සමඟ නිවස කරා යමින් සිටිය දී අතරමඟ දී යතුරු පැදියකින් පැමිණි කළු ඇදුම් ඇඳ ගත් මුහුණ ආවරණය කර ගත් දෙදෙනෙකු වාහනය හරස් කොට නවතා ඇත.

කපු මහතා වාහනයේ දොර අරිනවාත් සමඟම යතුරු පැදියෙන් පැමිණි අය කපු මහතා යතුරු පැදියේ තබා ගෙන පළා ගිය බව පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් කර තිබේ.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad