මට රට බාර දෙන්න.. අවුරුදු තුනෙන් හදලා පෙන්වනවා.. මතකනේ යුද්දෙ දිනලා දුන්න හැටි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 3, 2014

මට රට බාර දෙන්න.. අවුරුදු තුනෙන් හදලා පෙන්වනවා.. මතකනේ යුද්දෙ දිනලා දුන්න හැටි..

http://ift.tt/eA8V8J

තමන්ට බාර දුන්නොත් අවුරුදු තුනෙන් රට හදා පෙන්වන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පැවසුවේ තණමල්විලදී පැවති ජන හමුවක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද කීය.

‘මේ දුෂිත පාලනයට එරෙහිව දුෂිත පාලකයාට එරෙහිව දෙලක්ෂ හැත්තෑ පන් දහසක බස්නාහිර හා දකුණ ජනතාව අපිට ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයෙන් ආරම්භ කළ ගමන මෙවර දෙගුණ තෙගුණ කරන්න සූදානමින් ඌවේ ජනතාව සිටිනවා.

අපිට මේ රට සංවර්ධනය කරන්න අවුරුදු හත අටක්  ඕන නෑ. අපිට අවුරුදු තුනකින් මේ රටේ ජන ජීවිත ගොඩ නගන්න පුළුවන්. තිස් අවුරුද්දක් පැවැති යුද්ධය අවුරුදු දෙකයි මාස නමයෙන් ඉවර කළා වගේ මේ රටේ නීතිය, යුක්තිය, සාධාරණත්වය ඇති කරලා ජනතාවගේ ආර්ථිකය හදන්න අපිට අවශ්‍ය අවුරුදු තුනයි.

අද හම්බන්තොට මුදා නොගත් ප‍්‍රදේශයක් වගේ. හම්බන්තොට මෙහෙය වන්නේ මැරයෝ. අද කැසිනෝ, සූදුව, එතනෝල්, කුඩු ගෙන්නන්නේ ඇමතිවරු. ලංකාවට කුඩු ගෙන්වන්නේ පාන් පිටි ගෙන්වන්නා වගේ. අද සමාජය පිරිහිලා. අපරාධ වැඩි වෙලා’



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad