ඉස්ලාමික රාජ්‍යයට පහර දෙන්න අරාබි රටවල් එන්න එපා – ඉරාකය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 20, 2014

ඉස්ලාමික රාජ්‍යයට පහර දෙන්න අරාබි රටවල් එන්න එපා – ඉරාකය

http://ift.tt/eA8V8J

ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රාජ්‍යයන් විසින් ඉරාකයේ ඉස්ලාමික රාජ්‍ය ඉලක්ක වලට එල්ල කරන ගුවන් ප‍්‍රහාරයන් සඳහා අරාබි රටවල් එක්වීම අනවශ්‍ය බව ඉරාක ජනාධිපති ෆුවාඞ් මසූම් පවසා තිබේ.

සම්මුඛ සාකච්ඡවක් සඳහා අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබිය මෙම ප‍්‍රහාර සඳහා එක්නොවිය යුතු බවයි.

අයිසිස් හෙවත් ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් සඳහා ඇතැම් අරාබි රාජ්‍යයන් විසින් පසුගිය කාලසීමාව පුරා අනුග‍්‍රහය දැක්වූ බව පැවසේ.

මේ අතර අරාබි රාජ්‍යයන් ගණනාවක් ප‍්‍රහාරයන් සඳහා වොෂින්ටනය හා එක්වීමට ඉල්ලා ඇති අතර ඇමරිකානු නිලධාරීන් පවසන්නේ ඇතැමෙක් ඉරාකයෙන් පරිබාහිර ඉලක්ක වලට පහරදීමට කැමැත්ත පළ කළ බවයි.

ටක්ෆිරි සටන්කාමීන් කන්නට දුන් අත හපා කන්නට පටන්ගෙන ඇතැයි ඇමරිකානු හා යුරෝපීය නිලධාරීන් ගණනාවකගේ අදහස වී තිබේ.

විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුළදී ඇමරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු සහ බි‍්‍රතාන්‍ය සහන සේවකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම මෙයට හොඳ නිදසුනක් වී තිබේ.

නැගෙනහිර සිරියාව සහ ඉරාකයේ උතුරු සහ බටහිර ප‍්‍රදේශයන් පාලනය කරන ඉස්ලාමික රාජ්‍යයට බටහිර රටවල් සහ කටාර්, සවුදි අරාබිය සහ තුර්කිය යන කලාපීය මිතුරන් මූල්‍ය සහ මිලිටරි අනුග‍්‍රහය දැක්වූ අතර සවුදි බුද්ධි අංශ වල සහ ඊශ‍්‍රායලයේද සහය හිමිවන බව විශ්වාස කෙරේ.

 



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad