පාරේ වැරදි කරන බස් රියැදුරන්ට දඩ කොළ නෑ.. කෙළින්ම උසාවි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 2, 2014

පාරේ වැරදි කරන බස් රියැදුරන්ට දඩ කොළ නෑ.. කෙළින්ම උසාවි..

http://ift.tt/eA8V8J

රට පුරා මහා මාර්ගයන්හි ධාවනයේදී මාර්ග නීති උල්ලංඝනය කරන මගී ප‍්‍රවාහන බස් රථ සඳහා ඉදිරියේදී කිසි විටෙකත් දඩ පත‍්‍රිකා නිකුත් නොකරන ලෙසත් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටත් වූ නියෝගයක් සියලූම පොලිස් ස්ථාන වලට නිකුත් කර ඇත.

බස් රථ මගින් සිදු වන අනතුරු ඉහළ යාම සැලකිල්ලට ගෙන එම නියෝගය නිකුත් කර ඇති අතර බස් රථ සම්බන්ධයෙන් මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නඩු ලබා ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු 14 ක් ද එම නියෝගයෙන් පොලිස් නිළධාරීන්ව දැනුවත් කර තිබේ.

පා පුවරුවේ මගීන් රැගෙන යාම, ඉදිරිපස පා පුවරුවේ කොන්දොස්තරවරයා ගමන් කරමින් සෙසු වාහන වලින් ඉඩ ඉල්ලමින් ගමන් කිරීම, එක් අතකින් සුක්කානම කරකවමින් ගමන් කිරීම ආදිය සම්බන්ධයෙන් ද එහි දී විශේෂ අවධානයක් යොමු කර ඇත.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad