රුසියාවට බටහිර ජාතීන් සමග ගැටුමක් අවශ්‍ය නොවන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ මධ්‍යම රුසියාවේ සෙලිගර් විල ප්‍රදේශයේ පැවති තරුණ කඳවුරක් අමතමිනි.
ඇමරිකාව හෝ යුරෝපා සංගමය සමග සම්බාධක සර්පිලයක් තැනීම රුසියාවේ අවශ්‍යතාවය නොවන බවද ලැව්රොව් අවධාරණය කර ඇත.
ඔහු පවසා ඇත්තේ යුක්රේනය අර්බුදය හටගැනීමට බොහෝ කලකට පෙර රුසියාවට එරෙහිව අතාර්කික විවේචනයන් නැගීම පටන්ගත් බවයි.
බටහිර දේශපාලඥයින් විසින් සිය ජනතාව තුළ රුසියානු විරෝධී මතයක් ගොඩනැගීමට කටයුතු කරන බවත් ඉන්පසු ජනතා කැමැත්ත මත යයි කියමින් රුසියානු විරෝධී ක්‍රියාමාර්ග ගන්නා බවත් රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.
රුසියාවට එරෙහිව මෙතරම් පීඩනයක් නැගීමට හේතුව ඇතැම්විට සිය අවශ්‍යතා නිබයව පැවසීම විය හැකි බවද ඔහු මෙහිදී පවසා ඇතැයි වාර්තා වේ.
නමුත් ඒවා පරම සත්‍යයන් ලෙස නොසලකන බවද සෑම විටම අන්‍යයන්ට සවන්දීමට රුසියාව සූදානමින් සිටින බවද ලැව්රොව් පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ බටහිර ජාතීන් විසින් ලොව අනෙක් රටවල් දෙස සමානාත්මතා පදනමින් නොබලන බවයි. රුසියාවට එරෙහි ඒකපාර්ශ්වීය සම්බාධක පැණවීමද මෙහි පියවරක් වන්නට ඇති බව ඔහු පවසා තිබේ.
සර්ජි ලැව්රොව් මේ වන විට දශකයක කාලයක් රුසියානු විදේශ ඇමැතිවරයා ලෙස සේවය කර ඇත.
lanka C news
No comments:
Post a Comment