අද මැදමුලනේ රාජ්‍ය නායකයා එදා හෙළ රජ දරුවන් වගේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 23, 2014

අද මැදමුලනේ රාජ්‍ය නායකයා එදා හෙළ රජ දරුවන් වගේ..

http://ift.tt/eA8V8J

පෙර රජ දවස මෙරට කෘෂිකරමාන්තය ඩතා ඉහල මට්ටමක තිබූ බව දකුණු පළාත් මහ ඇමති ෂාන් විජේලාල් මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ මාතර තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල කෘෂිකර්ම සංකීර්ණයේ පැවති ජාතික ගොවි සතිය කෘෂිකර්ම ප‍්‍රදර්ශණයේ ආරම්භක දිනයේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ඔහු එහිදී මෙසේ ද පැවසීය.

‘රාජ්‍ය අනුග‍්‍රහය එදා ඉඳලාම කෘෂිකර්ම කේෂ්ත‍්‍රයට තිබුණා. සියලූ වැදගත් අවස්ථා ක‍්‍රියාවට යෙදුණා. වර්තමානයේ දී කෘෂිකර්මාන්තයට ඇළුම් කරන ගොවි පරපුරකින් පැවත එන මැද මුලන රාජ්‍ය නායකයා කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට දැඩි කැපවීමකින් කටයුතු කිරීම ගැන අපි අතිශයින් සතුටු විය යුතුයි.

සිංහල රජ දරුවන්ගේ කාලයෙත් කෘෂිකර්මය ඉහළ මට්ටමක තිබුණා. එදා රජවරුන්ගෙන් අපේක්ෂා කළ රාජකාරි දෙකක් තිබුණා. එකක් බුදු දහම ආරක්ෂා කර ගෙන පෝෂණය කිරීම. අනෙක රටේ ජනතාවගේ ජීවනාලිය බදු වී ගොවිතැන් ඇතුළු කෘෂිකර්මාන්තය නඟා සිටුවීමයි. ඒ නිසා එදා සී සාන උත්සවයට රජතුමා කුඹුරට බැස්සා. රන් අස්වනු නෙළන අවස්ථාවට රජතුමා රාජ්‍ය පාලකයා හැටියට සම්බන්ධ වුණා. යටත් විජිත යුගයට පත් වුණායින් පස්සේ අපිව යටත් කර ගන්න බටහිර ජාතීන් තුනක් බැලූවා. අපිව යටත් කර ගත හැකි ක‍්‍රම වේදයක් ලෙස අපේ රටේ තිබුණ ශක්තිමත් ආර්ථික රටාව දැක්කා. ඔවුන් වී ගොවිතැනත් එක්ක බැදුණු සමාජ සංස්කෘතිකමය සබඳතාවය බිඳ දැමිය යුතුයි කියලා. අපේ වැව් අමුණු කඩා බිඳ දමලා ඇළ වේලි සුණු විසුණු කරලා එදා මහා ගොවි බිම් විනාශ කළා. ඒ එක පැත්තකින්. තවත් පැත්තකින් මේ රටට වාණිජ භෝග වගාව හදුන්වලා දීලා වී ගොවිතැනට තිබුණු තැන නැති කළා’



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad