අත් වාරුවෙන් ගසා බිරිය මැරූ ආබාධිතයා පෝරකයෙන් ගැලවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 23, 2014

අත් වාරුවෙන් ගසා බිරිය මැරූ ආබාධිතයා පෝරකයෙන් ගැලවේ

ඒ වෙනුව‍ට බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

අත් වාරුවෙන් පහර දී සිය බිරිය මරා දැමීමට වරදකරු වූ ආබාධිත පුද්ගලයකුට මරණ දඩුවම නියම කරමින් පුත්තලම මහාධිකරණයෙන් දුන් නඩු තීන්දුවක් බල රහිත කළ අභියාචනාධිකරණය එය අනියම් මිනි මැරුමක් බවට තීරණය කරමින් එම පුද්ගලයාට වසර 18ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙළේය.

එසේම රුපියල් 2500ක දඩ මුදක් ගෙවන ලෙස එම පුද්ගලයාට නියම කරන ලදි. එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක සිර දඩුවම්ද නියම කරන ලදි.

මෙලෙස මරණ දඩුවම වෙනුවට සිර දඩුවම් නියම වූයේ කැලණිය ප්‍රදේශයෙහි පදිංචිකරවකු වූ මොල්ලිගොඩ ලියනාරච්චිගේ සරච්චන්ද්‍ර නමැත්තකුටය. 

තමන්ට මරණ දඩුවම නියම කළ නඩු තීන්දුව අවලංගු කරන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සමක් විභාග කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ සහ චන්ද්‍රා ජයතිලක යන මහත්වරු විසින් මෙම සිරදඩුවම් විත්තිකාර අභියාචකට නියම කරන ලදි.

එක් පාදයක් අහිමි වූවකු වන විත්තිකාර අභියාචක සිය බිරිය සහ දරුවන් සමඟ විශාල වත්තක පිහිටි මුර නිවසක ජීවත් ව සිට ඇති අතර පසුව ඉන් ඉවත්කිරිම නිසා මහ මගට වැටී ඇත. ප්‍රධාන මාර්ගයක අයිනේ ඉටිකොළවලින් ආවරණය කළ නිවසක ජීවත්ව සිටියදී ප්‍රදේශවාසින් විසින් කුඩා නිවසක් ඔවුන්ව පදිංචි කර ඇත.

පසුව ප්‍රදේශයෙහි සිටි මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මෙම නිවසට යාම පුරුද්දක් ලෙස සිදු කර ඇත. එලෙස පැමිණි පුද්ගලයන් සමඟ බිරියගේ අනියම් සම්බන්ධයක් ඇති බවට ලැබුණු තොරතුරු නිසා ඇයගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදි බහින් බස් විමක් ඇති වි තිබේ. 

එම අවස්ථාවේදී විත්තිකරු සිය අත්වාරුවෙන් බිරියට පහර දි ඇති අතර ඇය එම පහර දිම හේතුවෙන් මිය ගොස් තිබේ. ඒ සම්බන්ධ නඩුව විභාග කළ පුත්තලම මහාධිකරණය ඔහුට මරණ දඩුවම නියම කර තිබේ.

එම මරණය ක්ෂණික කෝපය නිසා සිදු වූවක් බවට මරණ කාරියගේ දියනිය දුන් සාක්කිවලින් ද ඔප්පු වී ඇතැයි අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබේ.

නීතිඥ ධර්මසිරි කරුණාරත්න මහතා විත්තිකාර අභියාචක වෙනුවෙන් පෙනි සිටි අතර නියොජ්‍ය සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad