මොරටුවේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 8ක් කොල්ල කති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 23, 2014

මොරටුවේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 8ක් කොල්ල කති

කිරුළපන බැංකුවක් කොල්ලකන්න ඇවිත් වෙඩි තැබීමෙන් පලායති

මොරටුව කුරුස හන්දියේ පෞද්ගලික බැංකුවකින් ඊයේ(23) දහවල් රුපියල් හත්ලක්ෂ හැත්තෑ හත්දහසක මුදලක් කොල්ල කා පලාගොස් ඇති අතර දහවල් 1.50 ට පමණ කිරුළපන ප්‍රදේශයේ ද පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් එම බැංකුවේ ආරක්ෂක භටයන් වෙඩි තැබීම හේතුවෙන් පලාගොස් තිබේ.

මෙම බැංකු දෙකම කොල්ල කෑමට සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළඳ යතුරු පැදිවලින් කොල්ලකරුවන් පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 

කිරුළපන පෞද්ගලික බැංකුව කොල්ල කෑමට කොල්ලකරුවන් පැමිණි අවස්ථාවේ එම බැංකුවේ ආරක්ෂක අංශ විසින් ඔවුන්ට ඇතුළු වීමට ඉඩ නොදී දොරවල් වසා ඇත.

එවිට කොල්ලකරුවන් එම දොරවල්වලට පහරදීමත් සමඟ බැංකුවේ ආරක්ෂක අංශ කොල්ලකරුවන්ට වෙඩි තබා තිබේ. මෙම වෙඩි තැබීමත් සමඟ කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය ද දමා වෙනත් යතුරු පැදියකින් පලාගොස් ඇත. 

කොල්ලකරුවන් පහර දීදොරවල්වල වීදුරු කැඩීමෙන් එක් ආරක්ෂක අංශ සාමාජිකයකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය කියයි.

මෙම කොල්ලකරුවන් හඳුනාගැනීම සඳහා සී.සී.ටී.වී කැමරාවල සටහන් දර්ශන ඔස්සේ පොලිසිය පරීක්ෂණ සිදුකරයි. සිද්ධිය සම්බන්ධව කිරුළපන හා ‍මොරටුව පොලිසි පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad