වාහන තදබදය අඩු කරන්න මොනෝරේල් සේවාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 23, 2014

වාහන තදබදය අඩු කරන්න මොනෝරේල් සේවාවක්

ජනතාවට වඩාත් පහසුවක් සළසමින් කොළඹ නගරයේ පවතින වාහන තදබදය අවම කිරීමට මොනෝරේල් සේවාවක් ඇරඹීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට ජපන් රජය තීරණය කරයි.

එළඹෙන 2035 වනවිට කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් කෝටි 125,400ක වියදමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇතැයි රජය පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය ඒකාබද්ධව මේ දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාවට නංවන අතර ඒ යටතේ මොනෝරේල් සේවාවක් ඇරඹීම, කොළඹ නගරයෙන් ගමන් අරඹන බස්රථ සේවා එක් ස්ථානයකට ගෙන ඒම සහ දුම්රිය හා බස් රථ සේවා සම්බන්ධීකරණය ඇතුළත් වන බව ද රජය පෙන්වා දෙයි.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදය හේතුවෙන් අධික ඉන්ධන දහනයට අමතරව මිනිස් ශ්‍රමය දැඩිලෙස අපතේ යන අතර මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් සමඟ ඊට විසඳුම් ලැබෙනු ඇත.

නව ව්‍යාපෘති හේතුවෙන් වාහන මෙහෙයුම් වියදම වසරකට රුපියල් මිලියන 213,000ක් අඩුකර ගැනීම නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාව වී තිබෙන අතර ගමන් වේලාවට අදාළ වියදම් අඩුවීම හේතුවෙන් රුපියල් මිලියන 136,000ක් අඩුකර ගතහැකි බවද ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

ඒ අනුව රුපියල් මිලියන 349,000ක දැවැන්ත ආර්ථික ප‍්‍රතිලාභයක් කොළඹ ප්‍රවාහන සැලැස්ම මඟින් උදාකර ගත හැකි වනු ඇති බව ද එම අමාත්‍යාංශය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad