
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත.
බන්ධනාගාරයේ නිරෝධනය වෙමින් සිටින බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති හෙයින් තමන්ටද පී.සී.ආර් පරීක්ෂණ හෝ එසේ නොමැති නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස ඉල්ලා විරෝධාතාවයේ යෙදී සිටියි.
බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙන්කර තිබෙන අතර එහි රැඳවියන් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර ඇත.
ඉන් රැඳවියන් 30කට හා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
- කොරෝනා
No comments:
Post a Comment