ලංකාව අවදානමේ.. රට තුල කොරෝනා ව්‍යාප්තියක් - ලෝත සෞඛ්‍ය සංවිධානය කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 11, 2020

ලංකාව අවදානමේ.. රට තුල කොරෝනා ව්‍යාප්තියක් - ලෝත සෞඛ්‍ය සංවිධානය කියයි

ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ව්‍යාප්තියක් ඇති වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය පවසන්නේ ශ‍්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයක බවයි.

ජනතාව අද හැසිරෙන සහ ක්‍රියාත්මක වන ආකාරය මත රෝගයේ අනාගත ගමන් මග තීරණය වනු ඇතැයි ද ඇය සඳහන් කරන්නීය.

දැනට තිබෙන තත්ත්වය අනුව වෛරසය පාලනය කළ හැකි නමුත් සියලු දෙනොට එහි වගකීමක් පැවරී ඇතැයි ද ඇය සඳහන් කළාය.

කොරෝනා වෛරසය ඇත්තේ කුමන මට්ටමෙන්ද යන්න වැදගත් නොවන බවත් එය වැළැක්වීම සඳහා කල යුතු මූලික දේ කරනවා නම් එය වැළැක්විය හැකි බවත් ඇය පවසයි.

නිතර අත් සේදීම, මුඛ ආවරණයක් පැලදීම, දුරස්ථභාවය තබාගැනීම එම මූලික කොන්දේසි යයිද ඇය කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad