අමෙරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට - ක්ෂේත්‍ර කිහිපයක් ගැන අවධානය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 26, 2020

අමෙරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට - ක්ෂේත්‍ර කිහිපයක් ගැන අවධානය

අමෙරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට - ක්ෂේත්‍ර කිහිපයක් ගැන අවධානය

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඔහු ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටින අතර සිය සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් අදාළව එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවය. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූරකාලය තුළ මෙරටට පැමිණෙන අමෙරිකානු ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියා වන්නේ පොම්පෙයෝ මහතාය.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad