ඇතැම් මැති ඇමතිවරු "දෙපත් නයි" - අගමැති පිටව ගිය පසු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 26, 2020

ඇතැම් මැති ඇමතිවරු "දෙපත් නයි" - අගමැති පිටව ගිය පසු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියයි

ඇතැම් මැති ඇමතිවරු

20 වන සංශෝධනයට පක්ෂව මුස්ලිම් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශකිරීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් නිර්මාණය වී ඇතැයි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුවදුක් විමසා බැලුවේය.

අග්‍රාමාත්‍යවරයා ඉන් පිටව ගිය පසු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කළහ.

එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය භයානක කරුණක් බවය.

එමෙන්ම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු වලට තමන් විරුද්ධ බව ද උන්වහන්සේ පැවසූහ.

ඇතැම් මැති ඇමතිවරු "දෙපත් නයි" ලෙස කටයුතු කරන බවත් ඔවුන්ට අවශ්‍ය රට ආරක්ෂා කිරීම නොව සිය පුටුව ආරක්ෂාකර ගැනීමට බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

  • මහින්ද රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad