කොරෝනා සමාජ සම්ප්‍රේෂණ අභියස - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 26, 2020

කොරෝනා සමාජ සම්ප්‍රේෂණ අභියස - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

කොරෝනා සමාජ සම්ප්‍රේෂණ අභියස - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මෙරට කොවිඩ් 19 පැතිර යාම, සමාජ සම්ප්‍රේෂණ මට්ටම අබියස පවතින බැවින් ආරක්ෂිත ක්‍රමවේද අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.  

පෙරේදා දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 368 දෙනෙකු වාර්තා වීමත් සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මාළු වෙළඳපොළ ආශ්‍රිත  ආසාදිතයින් ගණන 4000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 අසාදිතයින් සංඛ්‍යාව 7521කි .

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 7,521 ක් ලෙස සටහන් වේ.

කොවිඩ් 19 ආසාදිතයින් 368 දෙනෙකු පෙරේදා වාර්තාවීමත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිත කොවිඩ් 19 පොකුර 4,050 දක්වා ඉහළ ගියේය.

ඉන් අනූ දෙදෙනෙකු පෑලියගොඩ මාළු වෙළෙදපොළ ආශ්‍රිතවද, 215 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙසද,  37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද, 24 දෙනෙකු ධීවර වරාය වලින් ද, වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 3,714 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ  3,792 ක් පමණයි.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad