හක්මන ගුරු යුවලක් පාසල ඇතුලේ "ප්‍රී ෂූට්" කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 25, 2020

හක්මන ගුරු යුවලක් පාසල ඇතුලේ "ප්‍රී ෂූට්" කරලා

හක්මන ගුරු යුවලක් පාසල ඇතුලේ

මාතර හක්මන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා ගුරුවරියක සිය විවාහ මංගල උත්සවයට පෙර ප්‍රී ෂූට් ගැනීමට එම පාසල යොදා ගැනීම ගැන එහි ආදි ශිෂ්‍ය සංගමය හා දෙමාපියන් දැඩි විරෝධය පල කර තිබේ.

මේවන විට එම සිදුවීම පිළිබඳ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව එම විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රසන්න කොඩිකාර මහතා පවසයි.

එම ගුරුවරයාගේ මංගල උත්සවය පෙරේදා(23) පවත්වා තිබෙන අතර එහි ෆී ෂූට් එකේ ඡායාරූප අදාල ඡායාරූප ශිල්පියා විසින් ෆේස්බුක් සමාජ ජාලයට එක්කර තිබේ. ඒ සමඟ මේ පිළිබද දැඩි විරෝධයක් පල කර ඇත.

කෙසේ වෙතත් එම පාසලේ විදුහල්පතිනිය සඳහන් කර ඇත්තේ එය සාමාන්‍ය දෙයක් බවයි.

එම ගුරුවරයා සහ ගුරුවරිය එම ඡායාරූප ගෙන ඇත්තේ පාසල් නිවාඩු දිනයකදීය.  

No comments:

Post a Comment

Post Bottom Ad