හිටපු ජනපති වගකීම හරියට ඉටු කළේ නැහැ - රුවන් පාස්කු කොමිසමේ සාක්ෂි දෙමින් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 25, 2020

හිටපු ජනපති වගකීම හරියට ඉටු කළේ නැහැ - රුවන් පාස්කු කොමිසමේ සාක්ෂි දෙමින් කියයි

හිටපු ජනපති වගකීම හරියට ඉටු කළේ නැහැ - රුවන් පාස්කු කොමිසමේ සාක්ෂි දෙමින් කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැර හැරිය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට පෙර විදේශගත විමෙන් සිය වගකීම පැහැරහැරි බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කියනේ නිලතලයක් විතරයි, මට ලබා දී තිබුණ ආයතන, ගැසට් එකෙන් වෙනම අමාත්‍යාංශයක් හැටියට තමයි වැඩකටයුතු කළේ. මගේ අමාත්‍යාංශයේ තිබුණේ. මම භාරව හිටියේ රණවිරු අධිකාරිය, ආරක්ෂක පාසල, ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලය,“ බව ඒ මහතා සඳහන් කළේය.

“පොලීසිය, බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදාව යන සියල්ල මගේ යටතේ ආවේ නැහැ, ඉතින් මට කියන්නට බැහැ රටේ ආරක්ෂාව මගේ අතේ, මම දෙවනියා හැටියට හිටියයි කියලා. මේ විෂයන් ගත්විට ආරක්ෂක ඇමතිවරයාට තමයි ඒ විෂයන් සියල්ලම තිබුණේ. ජාතික ආරක්ෂව තිබුණේ එවකට හිටපු ජනාධිපතිතුමාගේ අතේ. එතුමා ඒ අවස්ථාවේ දී විදේශගත වෙලා එතුමාගේ රාජකාරිය හරියට කළේ නැහැ කියලා මම හිතන්නේ,“ යනුවෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජෙවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad