![]() |
බස්නාහිර පළාත තුළ 2019 සහ 2020 වසරවලදී සොරකම් කරන ලද ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සොයා ගැනීමේ විශේෂ ක්‍රියාන්විතය පොලීසිය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එලෙස සොරකම් කරන ලද වාහනවල ස්වරූපය සහ පැහැය වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන සකසා විවිධ පුද්ගලයින් වෙත විකුණා ඇති බවට තොරුතුරු හෙළිව ඇති බවයි.
ත්‍රිරෝද රථයේ සහ යතුරු පැදියේ නිත්‍යනුකූල තත්ත්වය තහවුරු කර ගැනීම වාහන හිමිකරුවන්ගේ වගකීමක් බවත් සොරකම් කරන ලද යතුරුපැදියක් හෝ ත්‍රිරෝද රථයක් දැන හෝ නොදැන භාවිත කිරීම අපරාධමය වරදක් බව ද පොලීසිය අවධාරණය කර සිටී.
පොලීසිය වාහන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි අපරාධකරුවෙකුට හසුවී ඇත්නම්, හෝ වාහනය පිළිබඳ සැකයක් පවතී නම්, පහත අංක අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි.
071- 8591727 – අධ්‍යක්ෂ / කොළඹ අපරාධ කොට්ඨාසය
071-8592167 – අධ්‍යක්ෂ / බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය
071- 8592279 – අධ්‍යක්ෂ / බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය
0777-128128/011-2013060 – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත් කාර්යාලය
No comments:
Post a Comment