මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතුරුගිරිය මිලේනියම් සිටි යුද හමුදා බුද්ධි අංශ නිවාසය වැටලීම පිළිබඳ නඩුව නැවතත් විභාගයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 25, 2020

මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතුරුගිරිය මිලේනියම් සිටි යුද හමුදා බුද්ධි අංශ නිවාසය වැටලීම පිළිබඳ නඩුව නැවතත් විභාගයට





2002 වසරේ යුද හමුදා බුද්ධි අංශය විසින් අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසයක් වටලා එහි තිබූ අවි ආයුධ සහ බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලා රටේ ස්වෛරීභාවයට හානි සිදු කළේ යැයි චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍යය පටබැඳිගේ මහතා නියෝග කළා.

 

මෙම නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහරිනු ලැබ සිටින එහි විත්තිකරු වන හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.


 එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේ මෙම නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා යළි කැඳවන බවයි.


 එදින ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගෙන්  සාක්ෂි විමසීමට නියමිතයි.


2002 වසරේ ජනවාරි මස 02 වනදා අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසයක් වටලා එහි සිටි බුද්ධි අංශ සාමාජිකයින් සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සහ රටේ ස්වෛරීභාවයට හානි සිදු කිරීම යනාදී චෝදනා යටතේ නීතිපතිවරයා විසින් රාජ්‍ය නිල රහස් පනත යටතේ මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.


මෙම නඩුව මුලින්ම මහනුවර මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණ ද පසුව නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව එහි විභාගය මේ වන විට කොළඹ මහාධිකරණය වෙත මාරු කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad