පොල් ගෙඩියේ වට ප්‍රමාණයට උපරිම මිලක් පනවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 26, 2020

පොල් ගෙඩියේ වට ප්‍රමාණයට උපරිම මිලක් පනවයි

පොල් ගෙඩියේ වට ප්‍රමාණයට උපරිම මිලක් පනවයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබේ. 

ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක් වන ලෙස උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර ඇත. වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 65 කි. 

වටප‍්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් වන පරිදි උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාති‍්‍රයේ ප‍්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව මෙම නියමයන් අද සිට බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව කිසිඳු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පොල් අලෙවි කිරීම සිදු නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.
 
මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබේ. පොල් අස්වැන්න අඩුවීම සහ පොල් ආශි‍්‍රත වෙනත් කර්මාන්ත වෙනුවෙන් අපනයන වෙළඳපළක් ඇතිවීම ඊට ප‍්‍රධාන හේතුව විය.

මෙලෙස පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ඉතිහාසයේ දෙවන වරටය. 

No comments:

Post a Comment

Post Bottom Ad