බෞද්ධ රාජ්‍යයක් ගොඩ නගන්නේ යැයි කයිවාරු ගසා බලයට පත් වූ ආණ්ඩුව විසිවැනි සංශෝධනය මගින් පන්සිල් පද පහ ද බිඳ දමා ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය. මෙම සංශෝධනය ගෙන එන්නේ ජනතාව නොමග යවා බොරු කියමින් ජනතාවගේ බදු මුදල් කොල්ලකෑම පහසු කරවීමට යයිද ඔහු පවසයි.
මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
විසිවන සංශෝධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කිසිවෙකු නොසලකා හිතුවක්කාර ලෙස පාර්ලිමේන්තු ගෙනවිත් ඇතැයි ද පැවසූ ඔහු සියලු බලතල තමන්ට පවරා ගැනීමට ජනාධිපතිවරයාට තිබූ හදිසිය මෙම මගින් ප්‍රසිද්ධ ප්‍රකාශ වන බවත් එය අතිශය හිතුවක්කාර සහ බලහත්කාරකමක් යැයිද පැවසීය.
No comments:
Post a Comment