මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු බහුතරයක් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අග්‍රාමාත්‍ය බලතල ඉවත් කරනවාද? එසේත් නැත්නම් අග්‍රාමාත්‍යවරයාට ද සැලකිය යුතු බලතල ප්‍රමාණයක් ලැබෙන අයුරින් ඊට සංශෝධන එකතු කර මෙම පනත් කෙටුම්පත සම්මත කරනවාද? යන මත දෙකෙහි එම මන්ත්‍රීවරුන් පිරිස හිරවී සිටියි.
20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ දැනට තිබෙන 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථාව අහෝසි කිරීමේ තාවකාලික පදනමකින් බවත් ඉදිරියේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා බවටත් ආණ්ඩුවේ ප්‍රධානින් පැවසුවද නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.
මේ නිසා විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ජනපති හා අගමැති අතර බල තුලනයක් තිබිය යුතු බව එම මන්ත්‍රීවරුන්ගේ අදහස වේ.
No comments:
Post a Comment