බැඳුම්කරේ නිසා යහපාලනේට වෙච්චි දේ 20 නිසා මේ ආණ්ඩුවටත් අනිවාර්යයෙන් වෙනවා - මනෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 24, 2020

බැඳුම්කරේ නිසා යහපාලනේට වෙච්චි දේ 20 නිසා මේ ආණ්ඩුවටත් අනිවාර්යයෙන් වෙනවා - මනෝ

බැඳුම්කර වංචාව නිසා පසුගිය යහපාලන ආණ්ඩුවට සිදුවූ දෙයම 20 වෙනි සංශෝධනය නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවටත් අනිවාර්යයෙන්ම සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. 

"බොන්ඩ් නිසා පහුගිය ආණ්ඩුවට වෙච්චි දේ මේ ආණ්ඩුවට, මේ රාජපක්ෂ ආණ්ඩුවට 20 වෙනි සංශෝධනය නිසා අනිවාර්යයෙන්ම වෙනවා. 

වියත්මග කණ්ඩායමක් ඉන්නවානෙ, ඒ කණ්ඩායමට ඕනෙ වෙලා තියෙනවා ආණ්ඩුව තුළ වෙනම ආණ්ඩුවක් හදාගන්නට. ඒක කරන්න යන්නෙ ඒගොල්ලන්. ඉතිං ඇත්තටම අපට නෙවෙයි, මුලින්ම අමාරුවෙ වැටෙන්නෙ අපි නෙවෙයි, දැන් ආණ්ඩුවෙ ඉන්න පරණ මැති ඇමතිවරුන්. 

ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා තමන් තමයි මේක කරේ කියලා පිළිගත්තෙ. ඇයි වෙන කවුරුත් පිළිගන්න නෑනෙ. පිළිගන්න බෑ කාටවත්. ඒකයි වුණේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ ඊයේ (23) සමගි ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.  


No comments:

Post a Comment

Post Bottom Ad