උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට තීරණය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 22, 2020

උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට තීරණය කරයි


උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා සඳහන් කළේ, මව පියාගේ විවාහක අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බවයි.

මීට අමතරව මෙරට සියලු පුරවැසියන්ට නව උප්පැන්න සහතිකය නිකුත් කරන්නේ ශ්‍රී ලාංකික ලෙස සටහන් කරමින් බව ද රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

නව ඩිජිටල් උප්පැන්න සහතිකය ඉදිරි මහමැතිවරණයෙන් පසු නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද රෙජිස්ටාර් ජනරාල් එන්. සී විතානගේ මහතා ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad