තැපැල් ඡන්දය භාවිත කිරීමට තවත් දින දෙකක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 22, 2020

තැපැල් ඡන්දය භාවිත කිරීමට තවත් දින දෙකක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි



නියමිත දින තුළ තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වු තැපැල් ඡන්ද දායකයින් සඳහා තවත් දින දෙකක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ජුලි මස 24 සහ 25 යන දෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙතෙක් සිය තැපැල් ඡන්දය සළකුණු කිරිමට අපොහොසත් වු තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්යේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී ජුලි මස 24 දින පෙරවරු 8.30 සිට පස්වරු 4.00දක්වාත් 25 දින පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වාත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සලසා දී තිබේ.

මෙවර මහා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාලය ඊයේ අවසන් වීමට නියමිතව තිබුණ ද පසුගිය මැතිවරණවලට සාපෙක්ෂව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ ප්‍රතිශතය අඩු මට්ටමක පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

එම නිසා තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා තවත් අතිරේක දින දෙකක් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත් බව සභාපතිවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad