බත්තරමුල්ලේ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
තම පියාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට මුදල් ලබාදෙන්නැයි කියමින් මාලක සිල්වා බත්තරමුල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ල කර තිබුණේ දන සතියකට පමණ පෙරයි.
මේ සම්බන්ධයෙන් බත්තරමුල්ලේ ව්‍යාපාරිකයා තලංගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
මාලක සිල්වාගේ හිතවතෙකු යැයි කියන ගල්කිස්ස ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු ෆේස් බුක් හරහා බත්තරමුල්ලේ ව්‍යාපාරිකයාට මරණ තර්ජන එල්ල කර ඇත්තේ මේ අතරතුරදීයි.
මේ අතර හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා තලංගම පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී තම පුත‍්‍රයාට එරෙහිව පැමිණිල්ලක් ඇත්නම් ඔහු පොලිසිය වෙත භාරදීමට හැකි බව පවසා තිබෙනවා.
එහෙත් විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා මාලක සිල්වා පොලිසිය වෙත භාරදීමට කටයුතු නොකරන ලෙස තලංගම පොලිසිය මර්වින් සිල්වා මහතාට දැනුම්දී තිබුණා.
No comments:
Post a Comment