2020-2021 වර්ෂයන් සඳහා විවිධ රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකරනු ලබනවා.
ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ වෙනත් වර්ගීකරණයන්ට ලක්වන රටවල් 10 අතරට ශ‍්‍රී ලංකාවද ඇතුලත්. පෙර වසරට සාපේක්ෂව අවම කාණ්ඩයකට ගමන් කරන රටවල් තුන අතරට ශ‍්‍රී ලංකාව පත්ව තිබීමද විශේෂත්වයක්.
එම කාණ්ඩයට ඇතුලත් වන අනෙක් සෙසු රටවල් දෙක වන්නේ ඇල්ජීරියාව සහ සුඩානයයි.
ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට හිමිකම් කියූ ශ‍්‍රී ලංකාවේ දළ ජාතික ආදායම මේ වර්ෂයේදී අමෙරිකානු ඩොලර් 4020ක් දක්වා පහත වැටී තිබුණා. ඒ අනුවයි ලෝක බැංකුව විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ‍්‍රී ලංකාව වර්ගීකරණය කර ඇත්තේ.
ගෝලීය ආපදාව හේතුවෙන් මෙම වසරේ වර්ගීකරණය සඳහා භාවිතා කරන දළ ජාතික ආදායම කොපමණද යන්න ලෝක බැංකුව තවමත් ප‍්‍රකාශයට පත් කර නැහැ.
No comments:
Post a Comment