මෛත්‍රීපාල වගේ හොරෙක් මගෙ ජීවිතේට දැකලා නෑ.. ඕනෑම ජරා වැඩක් කරන කෙනෙක්... ළගදීම කරපු හොරකම් එළියට දානවා - ප්‍රසන්න රණතුංග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2020

මෛත්‍රීපාල වගේ හොරෙක් මගෙ ජීවිතේට දැකලා නෑ.. ඕනෑම ජරා වැඩක් කරන කෙනෙක්... ළගදීම කරපු හොරකම් එළියට දානවා - ප්‍රසන්න රණතුංග

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ළගදීම රටට හෙළිකරන බවත්, ඒ වගේ හොරෙක් තම ජීවිතයට දැක නොමැති බවත්, මෛත්‍රී යනු තම පෞද්ගලික උවමනා වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන කෙනෙක් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

කොටුගොඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට ඊයේ (05) එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.

මෛත්‍රීව සත පහකට විශ්වාස කරන්න හොඳ නෑ. මෛත්‍රී කරපුවා කියන්න පුළුවන් ලොරි ගාණක්. ඒ වගේ හොරෙක් වංචාකාරයෙක් මගේ ජීවිතේට දැකලා නැහැ. මෛත්‍රී කරපු දූෂණ ළගදීම රටට හෙළි කරනවා. මෛත්‍රී කියන්නේ තමන්ගේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන කෙනෙක්. අපි චෝදනා එළි කලාම එදාට ඔහු ගැන තීරණයක් ගැනීම රටේ ජනතාවට භාරයි. මෛත්‍රීට දෙවනි නෑ රනිලුයි සජිතුයි. රනිල් මෛත්‍රීට හොරකම් කරන්න සහය දුන්නා. සජිත්ලා කලෙත් ඒකමයි. මෛත්‍රී – රනිල් – සජිත් කියන්නේ එකම අච්චුවේ බඩු.

2015 මම මහින්ද මහත්තයත් එක්ක එළියට බහින්න ගත්ත තීන්දුව ගත්තේ අභියෝග ගොඩක් මැද්දේ. මම මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගේන්න හදනකොට මට විරුද්ධ බොරු නඩු පැටලෙව්වා යහපාලන ආණ්ඩුව. එදා මම ගත්ත දේශපාලන තීන්දුව නිසා මගේ නෝනගෙන් දරුවන්ගෙන් පවා පලිගත්තා. යහපාලන ආණ්ඩුව පසුගිය කාලයේ රට කලේ බොරුවෙන්. යහපාලන ආණ්ඩුව වැඩ කලේ ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් නෙමේ. ඔවුන් මහින්දට ගෑවුනු ගෑවුන අයගෙන් පලිගත්තා. ඔවුන්ට ඕන වූනේ බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න හැදුවේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට එකට ජීවත් වෙන්න පුළුවන් නෛතික බලයක් දෙන්න නෙමේ. රට ෆෙඩරල් කරලා රට බෙදලා බටහිරට ඕන දේ කරන්න.


No comments:

Post a Comment

Post Bottom Ad