ltte radio - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 15, 2020

ltte radio

න්තර්ජාල රේඩියෝවක් උපයෝගී කර ගනිමින් LTTE සංවිධානයේ මතවාදය ප‍්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් පිළිබද තොරතුරු වාර්තා වනවා.

ඕනෑම ස්මාර්ට් ජංගම දුරකතනයකින් (android and iphone) භාගත කරගෙන භාවිතා කළ හැකි පරිදි නිර්මාණය කළ ජංගම දුරකතන යෙදුම් දෙකක් හරහා මෙම වැඩපිලිවෙල කි‍්‍රයාත්මක බවටයි වාර්තා වන්නේ.

එහි LTTE ධඡය මෙන්ම වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුවද ඇතුළත් කර  තිබෙනවා. LTTE මතවාදය ප‍්‍රචලිත කිරීම මෙන්ම ජනතාවටද ඒ සම්බන්ධයෙන් අදහස් සහ මතය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ඒ හරහා ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

‘‘ පුලිකලින්කුරල් ’’ ලෙස නම් කර ඇති මෙම ජංගම දුරකතන යෙදුම නිර්මාණය කර ඇත්තේ කුමන පාර්ශ්වයක් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

LTTE සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කළද එම මතවාදය දරන්නන් තවදුරටත් ලොවපුරා සිටින බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. ඔවුන් අවධාරණය කරන්නේ භූමියේදී මෙන්ම මතවාදීවද LTTEය පරාජය කිරීම සිදුකළ යුත්තක් බවයි.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි විසින් වන්දියක් ඉල්ලා ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබද ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂිකා යෂ්මින් සූකා හට එන්තර් වාසියක් යොමුකර ඇති බවටද වාර්තා පළ වනවා.

එමගින් ඔහු දක්වා ඇත්තේ යුද අපරාධවලට සම්බන්ධ බවට, තම ජීවිතයටද හානියක් විය හැකි පරිදි සාවද්‍ය තොරතුරු ප‍්‍රකාශ කරමින් ඇය තමාගේ කීර්ති නාමයට හානියක් සිදුකිරීම හේතුවෙන් මෙලෙස වන්දි ඉල්ලන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad