කාන්තාර පළඟැටියන් ද මෙරටට පැමිණීමේ අවදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 5, 2020

කාන්තාර පළඟැටියන් ද මෙරටට පැමිණීමේ අවදානමක්

කාන්තාර පළඟැටියන් ද මෙරටට පැමිණීමේ අවදානමක්

මේ දිනවල පැතිර යන කහ තිත් පළඟැටි උවදුර අතරතුර කාන්තාර පළඟැටියන්ද ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් මතුව ඇති බව ගන්නොරුව කෘෂිකර්ම තොරතුරු හා තාක්ෂණ ආයතනය අනතුරු අඟවයි.

මේ අතර තවදුරටත් වගාබිම් ආශ්‍රිතව කහ තිත් පළඟැටියන් ව්‍යාප්තවීම් දක්නට ලැබෙන්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

කහ තිත් පළඟැටි උවදුර මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක් පුරා ව්‍යාප්ත වී තිබේ.

රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරමින් යාන්ත්‍රික ක්‍රමවේද හරහා පළඟැටියන් මර්දනය කිරීම සම්බන්ධව එම ප්‍රදේශවල ගොවීන් දැනුවත් කිරීම අද ආරම්භ කෙරුණි.

පෙරේදා හම්බන්තොට වලස්මුල්ල පිස්සුබැද්ද ප්‍රදේශයෙන් හමුවූ කහ තිත් පළඟැටියන් අද  බෙලිඅත්ත වැව්දත්ත ප්‍රදේශය ද ආක්‍රමණය කර තිබුණි..

මෙම උවදුර නිරීක්ෂණයට කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ වලස්මුල්ල, නැදුන්කැටියහේන ප්‍රදේශයට පැමිණියේය. 

මේ අතර කාන්තාර පළඟැටියාද ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් පවතින බැවින් අවධානයෙන් පසුවන ලෙස සහකාර අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර කහ තිත් පළඟැටියන් පිළිබඳ දැනුම් දීම සඳහා ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 1920 කෘෂි උපදේශන සේවාව හෝ 081 2 388 316 පැළෑටි සංරක්ෂණ සේවා අංකය ඇමතීමෙන් පළඟැටි ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබාදිය හැකියි.

No comments:

Post a Comment

Post Bottom Ad