පාර්ලිමේන්තු බලය පොහොට්ටුවට නොලැබුණොත් ගෝඨාභයත් මං වගේ වෙයි - මෛත්‍රී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 14, 2020

පාර්ලිමේන්තු බලය පොහොට්ටුවට නොලැබුණොත් ගෝඨාභයත් මං වගේ වෙයි - මෛත්‍රී

පාර්ලිමේන්තු බලය පොහොට්ටුවට නොලැබුණොත් ගෝඨාභයත් මං වගේ වෙයි - මෛත්‍රී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු බලය හිමි නොවුණහොත් රටේ අර්බුද ගණනාවක්ම ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

"මීට මාස හය හමාරකට පෙර නව ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා රටේ ජනතාව, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ජනාධිපති හැටියට පත්කර ගත්තේ පොහොට්ටුව ලකුණින් පොදුජන පෙරමුණෙන්.පාර්ලිමේන්තුවේ බලය වර්තමාන ජනාධිපතිතුමා හැර වෙන වෙනත් පාර්ශ්වයකට ගියහොත් රටට කුමක්ද සිද්ධ වෙන්නෙ ? රට විශාල අර්බුදයකට යනවා. මේකෙ හොඳම අත්දැකීම තියෙන්නෙ මට තමයි. මම අවුරුදු පහකට ආසන්න කාලයක් රට ගෙනිච්ච රාජ්‍ය නායකයෙක් විදියට එයින් වැඩි කාලයක් මම රට ගෙනිච්චෙ පාර්ලිමේන්තුවෙ බලයක් නැතුව. මගේ අගමැතිවරයා සහ ඇමති මණ්ඩලයේ බහුතරයක් මට නෑ. ඒ තත්වය තුළ මූලික වශයෙන්ම රට ආපස්සට යෑමේ සිද්ධි ගණනාවක් සිද්ධ වුණා, ගැටුම්  ඇතිවුණා. මේ රටේ අද ඉන්න ජනතාව වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් රට ගොඩගන්නට ඕනෙ. මේක ආණ්ඩුව කාගෙද කියන ප්‍රශ්නය නෙවෙයි, මොන පාටද කියන ප්‍රශ්නය නෙවෙයි" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad