කැබිතිගොල්ලෑව කාන්තාවගෙන් වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩක් නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 17, 2020

කැබිතිගොල්ලෑව කාන්තාවගෙන් වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩක් නැහැ

කැබිතිගොල්ලෑව කාන්තාවගෙන් වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩක් නැහැ

කොරෝනා වෛරසය වැළඳී සුවය ලබා සිට නැවත ආසාදිත වී සිටින  කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කාන්තාවගෙන් රෝගය බෝ වීමේ හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ජාසිංහ මහතා සඳහන් කරන්නේ එම රෝගීන්ගේ ශරීර විෂබීජ හරණය කර ඇති බවයි. වෛද්‍ය විද්‍යාව තුළ මෙය හඳුන්වන්නේ මිය ගිය කොටස් හැටියට හෙයින් ඒවායෙන් තවකෙනෙකුට වෛරසය බෝ වීමේ හැකියාවක් නැති බවයි ඔහු පෙන්වාදෙයි. 

36 හැවිරිදි එම කාන්තාව පසුගිය මැයි 18 වැනි දින  කුවේට් සිට පැමිණ ඇති අතර ඇයට කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් හෝමාගම රෝහලේ එම රෝගීන් රඳවා සිටින අංශය තුළ ප්‍රතිකාර ලබා මීට දින දෙකකට පෙර රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. 

එහෙත් නැවත එම රෝග ලක්ෂණ  පෙන්නුම් කිරීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී කළ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙන්නේ නැවත වෛරසය ආසාදනය වී ඇති බවයි. 

ඒ අනුව මේ වන විට එම කාන්තාව කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි. 

No comments:

Post a Comment

Post Bottom Ad