කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්න - පොලීසියෙන් පණිවිඩයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 2, 2020

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්න - පොලීසියෙන් පණිවිඩයක්

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්න - පොලීසියෙන් පණිවිඩයක්

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල සිටින සියලූ‍ම තාවකාලික පදිංචිකරුවන් ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපංදිචි විය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. 

ඔහු කියාසිටියේ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති තාවකාලික පදිංචිකරුවන් සියලූ‍ දෙනා පොලීසියේ ලියාපදිංචි විය යුතු බවයි. 

එහි පළමු අදියර ලෙස කොළඹ දකුණ, කොළඹ මධ්‍යම හා නුගේගොඩ පොලිස් කොට්ඨාසයන්හි පොලිස් වසම් 13 ක තෝරාගත් ග‍්‍රාම නිලධාරි වසම් 60 ක තොරතුරු ලබාගෙන තිබේ. 

එහිදී හෙළිවී ඇත්තේ එහි තාවකාලිකව පදිංචිව හෝ ලැගුම් ගෙන සිටින සංඛ්‍යාව 40,871ක් බවයි. මෙලෙස එක් රැස් කරන  තොරතුරු පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකස් කර පවත්වාගෙන යන විශේෂ දත්ත පද්ධතියක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad