කන්ටේනර් 4000ක් වරායේ ගොඩ ගැසිලා - ව්‍යාපාරිකයින් අසීරුතාවයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 7, 2020

කන්ටේනර් 4000ක් වරායේ ගොඩ ගැසිලා - ව්‍යාපාරිකයින් අසීරුතාවයට

කන්ටේනර් 4000ක් වරායේ ගොඩ ගැසිලා - ව්‍යාපාරිකයින් අසීරුතාවයට

ආනයන සීමා දැඩි කර නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් ඒ වන විට ඇනවුම් කර තිබූ භාණ්ඩ පිරවූ කන්ටේනර් හාරදහසකට වැඩි ප්‍රමාණයක් සති තුනක් තිස්සේ කොළඹ වරායේ ගොඩ ගැසී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන ව්‍යාපාරිකයෝ පවසති.

පසුගිය මැයි 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඇතැම් භාණ්ඩ ආනයනය නරත කළ අතර තවත් භාණ්ඩ දින 90ත් 180ත් අතර අයිරාවක් මතද ආනයනයට සීමා පැණවීය.
කෙසේ වෙතත් ඒ වන විටත් ඇණවුම් කර තිබූ නැව්ගත කර තිබූ හා වරායට පැමිණි ගුදම්වල තිබූ භාණ්ඩ පිරවූ කන්ටේනර් සඳහා ද මෙම හදිසියේ පැනවූ තහනම බලපෑම හේතුවෙන් ව්‍යාපාරිකයින් දැඩි අසීරු තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මෙම කන්ටේනර් මුදා ගැනීමට සහන කාලයක් ලබා නොදීම හේතුවෙන් විශාල රේගු ගාස්තුවක් හා වරායට ප්‍රමාද ගාස්තුවක් ද ගෙවීමට සිදුව තිබේ. මෙම තත්ත්වය මත ඉදිරියේ දී අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් හා මිල වැඩිවීමක් ඇතිවීම වැළැක්විය නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා හතරවැනි හරස් වීදියේ තොග ව්‍යාපාරිකයෝ පවසති.

කන්ටේනර් හාරදහසකට අධික ප්‍රමාණයක් වරායේ ගොඩ ගැසී තිබීම සත්‍යයක් බවත් ඒවා නිදහස් කිරීමේ නීතිමය තත්ත්වයක් ඇත්තේ රේගුවට බවත් වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.

මැයි මස 21 වැනි දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ නිදහස් කර ගත හැකි බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad