සිරවී සිටින ලාංකිකයින් ගෙන එන්න ඕස්ට්‍රේලියාවට ගුවන් යානයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2020

සිරවී සිටින ලාංකිකයින් ගෙන එන්න ඕස්ට්‍රේලියාවට ගුවන් යානයක්

සිරවී සිටින ලාංකිකයින් ගෙන එන්න ඕස්ට්‍රේලියාවට ගුවන් යානයක්

ඕස්ට්‍රේලියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා අද දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් මෙල්බර්න් බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන එම විශේෂ ගුවන් යානය අද 09 දින උදෑසන 7.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .

මෙම ගුවන් යානය මගින් යළි මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් පිරිස පිළිබඳව නිවැරදි සංඛ්‍යා දත්ත මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොමැත .

මෙම ගුවන් යානය හෙට 10 දින අලුයම 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

(කටුනායක ටී.කේ.ජී.කපිල )

No comments:

Post a Comment

Post Bottom Ad