හෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා - ඇමති බන්දුල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2020

හෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා - ඇමති බන්දුල

හෝමාගම ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම තම හදවතින් ඈත් කර නැති බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

රජයෙන් සත පහක වියදමක් නැතිව ක්‍රිකට් පාලක මණ්ඩල මුදල් ගන්නේ නැතුව එය ඉදිකිරීමට සූදානම් බවද ඔහු පැවසීය.

ඉදිරියේදී වෙනත් රටකින් හෝ ආයතනයකින් ඩොලර් මිලියන 30ක පමණ මුදල සොයාගත හැකි යයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.

තමන් හිඟාකාලා හෝ වෙන රටකින් මුදල් හොයාගෙන එය සිදුකරන බවද ඔහු පැවසීය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad